Saturday, July 18, 2020

කොකෙන් රජු


 


කොකෙන් රජු නැතහොත් පැබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවීරියා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මත්ද්‍රව්‍ය නාශකවාදියෙකි. මෙඩෙලින් කාටෙල් හි ආරම්භකයා සහ එකම නායකයා වු පැබ්ලෝ ඉතිහාසයේ ධනවත්ම අපරාධකරුවා විය. ඔහු මිය යන විට ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම 2019 වසරට සාපෙක්ෂව  ඇමරිකානු ඩොලර් බිලියන 59ක් පමණ වේ.

1949 දෙසැම්බර් 1 වන දින කොලොම්බියාවේ රියානෙග්‍රෝ හි උපත ලැබු ඔහු දරුවන් හත්දෙනකුගෙන් යුත් පවුලක තුන්වැන්නා විය. පියා ගොවියකු වු අතර මව පාසල් ගුරුවරියකි. පැබ්ලෝ විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපනය ලැබූ නමුත් උපාධියක් ලබා නොගෙන පිටව ගියේය.ඉන් පසු ඔහු ඔහු් අපරාධ ජිවිතයට හුරැ විය. මුල් කාලයේ සුලු වීදි වංචා සිදු කිරීම, නීතිවිරෝධී සිගරට් විකිණීම, ව්‍යාජ ලොතරැයි ටිකට් පත් සහ මෝටර් රථ සොරකම් කිරීම වැනි අපරාධ පැබ්ලෝ අතින් සිදු විය මෙයට ඔස්කාර් බෙනෙල් ඇගුවර් නම් සගයෙකු ඔහු හට සහය දි තිබුණී.

1970 දශකයේ මුල් භාගයේදී, මත්ද්‍රව්‍ය වෙළඳාමට පිවිසීමට පෙර, එස්කෝබාර් සොරෙකු හා ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කර තිබු පැබ්ලෝ, මෙඩෙලින් වටා මෙහෙයුම් කළ ඇල්වාරෝ ප්‍රීටෝ නම් නීතිවිරෝධී ජාවාරම්කරුවෙකු වෙනුවෙන් පසුව වැඩ කිරීමට පටන් ගත්තේය.1975 සිට පැබ්ලෝ සිය කොකේන් ජවාරම දියුණු කිරීමට පටන් ගත් අතර, ප්‍රධාන වශයෙන් කොලොම්බියාව සහ පැනමාව අතර එක්සත් ජනපදයට ගුවන් යානා මගින් ජවාරම සිදු කරන ලදි.

1976 පැබ්ලෝ සහ ඔහුගේ මිනිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට කොකෙන්  රාත්තල් 39 ක් (කිලෝග්‍රෑම් 18) සන්තකයේ තිබී සොයා ගත් අතර මුලදී, පැබ්ලෝ ඔහුට එරෙහිව නඩුවක් පවරා ඇති විනිසුරුවන්ට අල්ලස් දීමට උත්සාහ කළ අතර එය අසාර්ථක විය. මාස ගණනක නීතිමය ගැටුම්වලින් පසු ඔහු අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා ඝතනයට කිරීමට ඔහු සමත් වු අතර පසුව නඩුව ඉවත් කරන ලදී. මෙය පැබ්ලෝ අල්ලස් හා මිනීමැරුම් මගින් බලධාරීන් සමඟ ගනු දෙනු කිරීමේ රටාව ආරම්භ කිරිමයි.

කොකේන් සඳහා ඇති ඉල්ලුම වැඩි විම හෙතුවෙන් එක්සත් ජනපදය තුල පැබ්ලෝට තම ව්‍යාපාරය පුළුල් කිරිමට සිදු විය.ඒ සදහා ඔහු දකුණු ෆ්ලොරිඩා, කැලිෆෝනියා වැනි ප්‍රදේශ වල නැව් මාර්ග හා මහා මාර්ග සමග තම බෙදාහැරීමේ ජාලය සංවිධානය කළේය.මෙසේ ඔහු මෙඩ්ලින් කාටලය සදහා සාර්ථක මධ්‍යම ජාවාරම් මාර්ලයක් ගොඩනැගීය.මේ තුලින් ලැබු විශාල ලාභයෙන් පැබ්ලෝ කොලොම්බියාවේ ඇන්ටියොක්වියාවෙහි වර්ග සැතපුම් 7.7 (කි.මී. 20) ක ඉඩමක් ඩොලර් මිලියන කිහිපයකට මිල දී ගනි. මෙහි පැබ්ලෝ හසීන්ඩා නේපෝල්ස් ඉදි කළේය ඒය ඔහුගේ කොකෙන් ජාලයේ පාලනයට බලකොටුවක් විය. සත්වෝද්‍යානයක්, විලක්, මූර්ති උද්‍යානයක්, වැනි අති සුඛෝපභෝගී අංග මේ හසීන්ඩා නේපෝල්ස් තුල ඔහු ඉදි කර ඇත. ටොන් 70 ත් 80 ත් අතර කොකෙන් ප්‍රමාණයක් සෑම මසකම කොලොම්බියාවේ සිට එක්සත් ජනපදයට ප්‍රවාහනය කල අතර මේ සදහා නැව් ගුවන් යානා වලට අමතරව ඔහුගේ සහෝදරයා විශාල සබ්මැරීන දෙකක් භවිතා කල බව කියවේ.

1982 කොලොම්බියාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විකල්ප සාමාජිකයෙකු ලෙස පැබ්ලෝ තේරී පත් විය. ස්පාඤ්ඤයේ ෆෙලිපේ ගොන්සාලෙස් දිවුරුම් දීම සඳහා කොලොම්බියානු රජයේ නිල නියෝජිතයා වූයේ පැබ්ලෝ ය.

ඔහුගේ කොකෙන් ජාලය කුප්‍රකට වීමත් සමඟ පැබ්ලෝ ඉතා ඉක්මනින් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්විය. එක්සත් ජනපදය, මෙක්සිකෝව, ඩොමිනිකන් ජනරජය, වෙනිසියුලාව සහ ස්පා ස්පාඤ්ඤයට ඇතුළු වු කොකෙන් වලින් විශාල කොටසක් මෙඩ්ලින් කාටෙල් විසින් පාලනය කරන ලදී. කොකෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ද වෙනස් කරන ලද අතර, බොලීවියාවේ සහ පේරු හි කොකෙන් වෙනුවට කොලොම්බියා කොකෙන්  ආදේශ කළ අතර එය අසල්වැසි රටවලින් පැමිණි කොකාට වඩා ප්‍රමිතියෙන් තොර බව පෙනෙන්නට තිබුණි. වැඩි වැඩියෙන් කොකේන් සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත් සමග, පැබ්ලෝ රොබර්ටෝ සූරෙස් ගෝමස් සමඟ වැඩ කිරීමට පටන් ගත් අතර, කොකෙන් ඇමරිකාවේ සහ යුරෝපයේ අනෙකුත් රටවලට ගෙනයාමට උපකාරී වීය. මෙඩෙලින් කාටෙල් එහි මෙහෙයුම් වල උච්චතම අවස්ථාවෙහිදී දිනකට ඇමරිකානු ඩොලර් මිලියන 70 කට වඩා අදායමක් ලැබීය එය වසරකට ඩොලර් බිලියන 26 ක් පමණ වේ. මෙම මුදල් ගබඩා කිරිමට  සතියකට ඇමරිකානු ඩොලර් 1,000 කට අධික මුදලකින් රබර් පටි මිල දී ගෙන මුදල් ඔතා, ඒවායින් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ගබඩාවල ගබඩා කර ඇත. වසරකට සියයට දහයක් (10%) මුදල් කපා හැරීමට සිදු විය මීයන්ගෙන් වු හානි සහ ඔවුන් මුදල් ඔවුන්ගේ ගබඩාවල ගබඩා කිරිම නිසයි.


1989 දී ෆෝබ්ස් සඟරාව ඇස්තමේන්තු කර ඇති පරිදි එස්කෝබාර් ලොව ප්‍රකෝටිපතියන් 227 දෙනාගෙන් එක් අයෙකු වන අතර පුද්ගලික ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3කි.එය එසේ වන විට මෙඩ්ලින් කාටෙලය ගෝලීය කොකෙන් වෙළදපළින් 80%ක් පාලනය කළේය.තවද  දකුණු ඇමරිකාවේ  කීර්තිමත් පාපන්දු තරඟාවලිය වන කෝපා ලිබර්ටඩෝර්ස් තරාගාවලිය දිනාගත් මෙඩෙලින්හි ඇට්ලැටිකෝ නැෂනල් කණ්ඩායමේ මුල්‍ය සැපයුම්කරැවා වුයේ පැබ්ලෝ බව පොදු මතයක්ද පවති.

මත්ජවාරම් කරැවෙකු වු පැබ්ලෝ හට එක්සත් ජනපදයේ සහ කොලොම්බියානු ආන්ඩු සතුරෙකු වුවත් මෙඩ්ලින්හි දුප්පතුන්ට ඔහු වීරයෙක් විය. ජීවිත කාලය පුරාම ක්‍රීඩා ලෝලියෙකු වූ පැබ්ලෝ පාපන්දු පිට්ටනි සහ ක්‍රීඩා පිටි ඉදි කිරීම මෙන්ම ළමා පාපන්දු කණ්ඩායම් සඳහා අනුග්‍රහය දැක්වීමේ ගෞරවය හිමි වු අතර බටහිර කොලොම්බියාවේ නිවාස හා පාපන්දු පිටි ඉදිකිරීම සඳහා ද පැබ්ලෝ දායක වු ය අතර එය දුප්පතුන් අතර ජනප්‍රියත්වයට හෙතුවක් බවට පත්විය. නිවාස ව්‍යාපෘති හා වෙනත් ප්‍රජා ක්‍රියාකාරකම් හරහා නිතර මුදල් බෙදා දුන් පැබ්ලෝ එමඟින් නිතර නිතර නගරවල වැසියන් අතර ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. ඔහුගේ මේ වැඩ පිළිවෙල නිසා මෙඩ්ලින්හි ඇතැමුන් බොහෝ විට පැබ්ලෝ පොලිස් අත්අඩංගුවට පත්විම වළක්වා ගැනීමට උදව් කළහ.

කොලොම්බියානු මත් කාටෙල්වරුන්ගේ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම කරන ලද අරගලයේ ප්‍රතිඵල ලෙස කොලොම්බියාව 1991 දී ප්‍රචණ්ඩකාරී මරණ 25,100 ක් සහ 1992 දී 27,100 ක් සමඟ ලොව මිනීමැරුම් අගනුවර බවට පත්විය.  පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ ත්‍යාගයක් ලෙස පැබ්ලෝ තම සහචරයින්ට මුදල් ලබා දීම නිසා මෙම වැඩිවන මිනීමැරුම් අනුපාතය වැඩි විය.එය පැබ්ලෝගේ කෘරත්වය ලොවට පෙන්වු අවස්ථා විය.

1991 දී ඔහු අත්තඩංගුවට පත් වුවත් තම පුද්ගලික බන්ධනාගාරයක වු ලා කැටෙඩ්රල් වෙත ඇතුල් විය එය අති සුඛොපභොගි බන්ධනාගාරයක් විය. සිරගෙදර සිටියදී පැබ්ලෝ අඛණ්ඩ සාපරාධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය තුළ පැතිරෙන්නට පටන් ගත් අතර, 1992 ජූලි 22 වන දින ඔහුව වඩාත් සාම්ප්‍රදායික බන්ධනාගාරයකට ගෙන යාමට උත්සාහ කිරීමට රජයට පෙලඹීමක් ඇති වුවත් එය අසාර්ථක විය පසුව පැබ්ලෝ  ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ පොලිසිය මග හැරීමෙනි

ලා කැටෙඩ්රල් පැනගොස් මාස 16 කට පසු පැබ්ලෝ එස්කොබාර් 1993 දෙසැම්බර් 2 වන දින පොලිස් වෙඩි තැබීමකින් මිය ගියේය.ඒ වන විට ඔහුගේ සහචරයින් 300 කට අධික ප්‍රමාණයක් ඝාතනනය වු අතර පැබ්ලෝ එස්කොබාර්ගේ දේපල වලින් වැඩි ප්‍රමාණයක් විනාශ වි තිබුණි. පැබ්ලෝ මරණයෙන් පසුව සහ මෙඩෙලින් කාටෙල් ඛණ්ඩනය වීය. පැබ්ලෝ විසින් කරන ලද දුප්පතුන්ට උදව් කිරිම මෙඩෙලින්හි කල්පවත්නා බලපෑමක් ඇති කළේය. එහි සිටි බොහෝ දෙනෙක්, විශේෂයෙන් පැබ්ලෝ ජීවත්ව සිටියදී ඔහු ආධාර කළ නගරයේ දුප්පතුන් බොහෝ දෙනෙක් ඔහුගේ මරණය ගැන වැලපුණහ. ඔහුගේ අවමංගල්‍යයට 25,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර. ඔවුන්ගෙන් සමහරෙක් ඔහුව සාන්තුවරයෙකු ලෙස සලකන අතර දිව්‍ය සැප ලබා ගැනීම සඳහා ඔහුට ප්‍රර්ථනා කළහ.

 


No comments:

කොකෙන් රජු

  කොකෙන් රජු නැතහොත් පැබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවීරියා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මත්ද්‍රව්‍ය නාශකවාදියෙකි. මෙඩෙලින් කාට...