ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය‚නැතහොත් රජවරුන්ගේ
අවසන් රජධානිය නමින්ද හැදින්විය හැක.මනරම් කදුවැටියකින් වට වී ඇති මහනුවර නගරය‚පුජනීය
නගරයකි‚ මන්ද බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන ශ්‍රි දළඳා මාලිගාව මහනුවර නගරයේ පිහිටා තිබිමයි.ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන්ගේ
ආකර්ෂණය දිනා ගත් මහනුවර නගරය ශ්‍රි
ලංකාවේ නිල නොලත් අගනගරය ලෙසද හැදින්විය හැක.
https://www.youtube.com/watch?v=x28BHkThvP4
මහනුවර නගරය දිවයිනේ දෙවන විශාලතම නගරය වන අතර මධ්‍යම පළාතේ අගනුවර වේ. එහි භූගෝලීය පිහිටීම දිවයිනේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.මන්ද මහනුවර සිට දිවයිනේ සෑම දිශාවකටම ගමන් කිරිමේ හැකියාව පැවතිමයි.හන්තාන හා නකල්ස් රක්ෂිතයෙන් වට වී ඇති මහනුවර නගරය මුහුදු මට්ටමේ සිට අඩි 1600ක් වැනි උසකින් පිහිටා ඇත.මහනුවර නගරය කදුවැටියකින් හා රක්ෂිත වනගහනයකින් වට වී ඇති බැවින් නගරයට සුන්දරත්වයක් මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වලට සාපේක්ෂව තෙත් හා සිසිල් උෂ්ණත්වයක් පැවතිමව විිිිශේෂත්වයකි.


No comments:
Post a Comment