"මානව වර්ගයාගේ
ප්‍රයෝජනය සඳහා
දැනුම සොයා ගැනිම හා පුළුල් කිරිම" යන්න දැක්ම
කරගෙන 1958 ජුලි 29 වනදා ඇමරිකා එක්සත් ජනපදය ආරම්භ ලද ආයතනයකි නාසා
ආයතනය.නාසා ආයතනය ඇමරිකා එක්සත් ජනපද අණ්ඩුවේ ජාතික පොදු අභ්‍යවකාශ වැඩසටහන් සඳහා වගකිව යුතු
ආයතනයයි.
NASA යන්නෙහි දිර්ඝ
නාමය National Aeronautics and Space Administration යන්නයි. මෙහි ,
N – National
A – Aeronautics
S – Space
A – Administration
යන්නෙහි
මුල් අකුර ගෙන NASA යන කෙටි නාමය භාවිතා කරනු ලබයි.
එක්සත් ජනපද
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යවකාශ පිළිබඳ ගවේෂණ වලට සහය
දීම,සහ
ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සම්බන්දයෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වලට සහය දීම
මුලික කාර්යභාර්ය කරගත් නසා ආයතනයෙහි පාලනය සම්බන්ධයෙන් සෘජුව සම්බන්ධ වන්නේ
එක්සත් ජනපද ජනපතිවරයා වන අතර, ඔහු
සියලුම අභ්‍යවකාශ ව්‍යාපෘති වලට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන හා උපකරණ ලබා දෙනු ලබයි.
- Ø ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද කාර්යාලය
- Ø ජීව විද්‍යාව හා ඒ පිළිබද අධ්‍යයන කටයුතු පිළිබද කාර්යාලය
- Ø පෘතුවි කටයුතු සොයා බැලිමේ කාර්යාලය
- Ø අභ්‍යවකාශ විද්‍යාව පිළිබද කාර්යාලය
- Ø අභ්‍යවකාශ යානා පිළිබද කාර්යාලය
- Ø ජොන් එෆ් කෙනඩි මධ්‍යස්ථානය
- Ø ගොඩාර්ඩ් මධ්‍යස්ථානය
- Ø හුස්ටන්හි ලින්ඩන් බී ජොන්සන් මධ්‍යස්ථානය
- Ø ජොර්ජ් ඩී මාෂල් මධ්‍යස්ථානය
යනු නාසා ආයතනයට අයත් විවිධ අංශ වේ.
සොවියට්
දේශය හා ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති අභ්‍යවකාශ තරගය නිසා
නාසා ශි උපත සිදු වී තිබේ.මුල් කාලයේ රාජ්‍ය අනුගහය නොලැබුනත් ජොන් එෆ් කෙනඩි ජනපතිවරයා
හා ඔහුට පසු ජනපතිධුරයට පත් වු සියල්ලන්ම මෙම ආයතනයට මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.එමගින්
නසා හි කටයුතු දියුණු කරනු ලැබිය.මෙවැනි ආයතන විශාල
සංඛ්‍යාවක් ලෝකය තුල පිහිටා තිබුනත් ජනමාධ්‍ය තුල වැඩි වශයෙන් ප්‍රචාරය වන්නේ නාසා
හි නාමයයි.එ්යට හේතුව වන්නේ අභ්‍යවකාශ පිළිබද මිනිසා දැන සිටින තොරතුරැ වලින් වැඩි
ප්‍රමාණයක් සොයා ගෙන ඇත්තේ නාසා ආයතනය විමයි.වර්තමානය වන විට 18000 කට ආසන්න සේවක පිරසක්
නාසා හි සේවය කරන අතර වොෂින්ටන් හි ඒහි මුලස්ථානය පිහිටා ඇත.
https://www.youtube.com/results?search_query=nasa+intro



No comments:
Post a Comment