
සිලොන් ටී
ශත වර්ෂයකට අධික කාලයක්
පුරාවට ලංකාවේ නාමය ලොකය පුරාවට ප්‍රසිද්ධ වුයේ "තේ" නිසාය.තේ නම් "සිලොන් ටී" යන්න ලෝකයේ ජනප්‍රිය වීඇත.ඒයට
බලපෑ ප්‍රධාන හෙතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ තේ වල පවතින ඉහල ගුණාත්මකභාවය හා තත්වයෙන්
උසස් බවයි.
1852 දී ලංකාවට පදිංචියට පැමිණි ජේම්ස් ටේලර් මහතා 1867 දී මහනුවර ගලහා ප්‍රදේශයේ ලුල්කදුර වතුයායේ අක්කර 21 පමණ ප්‍රදේශයක තේ වගාව ආරම්භ කරන ලදී.එකල ලංකාව තුල කෝපි වගාව ප්‍රචලිත වී තිබුණත්, ටේලර් මහතා තේ වගාව අරම්භ කරන කාලය වන විට කෝපි වගාවේ අභාවය ආරම්භව පැවතිම තේ වගාව කෙරෙහි සුභදායක තත්වයක් ඇති කරන ලදී. 1872 දී අංගසම්පූර්ණ තේ කර්මාන්ත ශාලාවක් ලුල්කදුර වතුයායේ ආරම්භ කිරිමෙන් පසු පළමු අපනයනය රාත්තල් 23 ක් වීය. කෝපි වල සිඝ අභාවයත් තේ වල ජනප්‍රියතාව හෙතුවෙන් තේ වගා කල අක්කර ප්‍රමාණය වැඩි වී,තේ නිෂ්පාදනය හා අපනයනය ටොන් 20,000 ක් ඉක්මවීය.
![]() |
| Charles Henry de Soysa |
මුල්ම ශ්‍රී ලංකික තේ වැවිලිකරැවා වුයේ චාල්ස් හෙන්රි සොයිසා මහතාය.හෙන්රි රැන්ඩොල්ෆ් ට්රැෆර්ඩ් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට පැමිණ තේ කර්මාන්තයට යොමු විමත්, ඔහු සතු දැනුමත් තේ සදහා ඇති වු අධික ඉල්ලුමත් නිසා කෝපි වෙනුවෙන් තිබු කර්මාන්තශාලා සියල්ලම තේ නිෂ්පාදනයට උචිත පරිදි වෙනස් කෙරෙනි.ඒංගලන්නයෙන් නවීන යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන්වා නවීන දැනුම තේ නිෂ්පාදනය කෙරෙහි යොමුු කිරිමෙන් නිෂ්පාදනය කාර්යක්ෂමව සිදු කිරිමට රැකුලක් විය. ඒංගලන්නයෙ ලින්කන්ෂයර්හි මාෂල් සන්ස් ඇන්ඩ් කම්පැනි, බර්ම්න්හැම්හි ටැන්ගයිස් මැෂින් සමාගම සහ බෙල්ෆාස්ට් හි ඩේවිඩ්සන් ඇන්ඩ් කම්පැනි තේ කර්මාන්ත ශාලා වලට උපකරණ සැපයු අතර වර්මානය දක්වාද ඔය සිදු කරනු ලබයි.
![]() |
| ලංකාවේ තේ ව්‍යාප්තිය |
තේ වගාවේ ව්‍යාප්තිය අනුව කලාප හතරකට බෙදා දැක්විය හැක.
මධ්‍යම
ඌව
දකුණ
සබරගමුව
එම කලාප වේ.මෙම කලාප අනුවද තේ වල රස ගුණාත්මක බව එකිනෙකට වෙනස් වේ.ප්‍රදාන වශයෙන් ශ්‍රී ලංකාවේ තේ වර්ග තුනකි.
- Ceylon Black Tea
- Ceylon Green Tea
- Ceylon Silver Tea
මෙවාගෙද රස ගුණාත්මක බව එකිනෙකට වෙනස් වේ.
ක්‍රමයෙන් දියුණු වු තේ කර්මාන්තයේ සමස්ථ නිෂ්පාදනය 2019 අවසන් වන විට මෙට්‍රක් ටොන් 300000 ඉක්මවා ඇත.2019 වර්ෂය අවසන් වන විට ලොකයේ තේ අපනයනය කරන රටවල් අතර ලංකාවට තුන්වන තැන හිමු වු අතර එය වටිනාකමින් ඇමරිකානු ඩොලර් මිලියන 721.3 කි.ලංකාවේ තේ මිලදි ගන්නා රටවල් අතර ඉරාකය,තුර්කිය,රැසියාව හා ඉරානය පෙරමුණ ගෙන සිටි.ලංකාවේ තේ අපනයනය කරන පුධාන සමාගම් කිහිපයක්ම පැවතියත් Akbar Tea හා George Steuart Group ප්‍රධාන තැනක් ගෙන තිබේ.
උසස් තත්ත්වයේ නිෂ්පාදන හා සේවාවන් සැපයීම, නව රැකියා සොයා ගැනීම සහ මෙරට සංවර්ධනය කිරීමට ස්වාධීනව උපකාර කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන Royal Tea Lea Marketing & Sadala Tours Sri Lanka, ලංකාව තුල හා ජාත්‍යන්තර වෙළද පල තුල තම ව්‍යාපාර කටයුතු ආරම්භ කෙරෙනි.



1 comment:
good.
Post a Comment