Sunday, June 7, 2020

ගිනිගත් ලෝක බලවතා...


කොවිඩ්-19 වයිරසයෙන් බැටකන ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට මහජන විරෝධතා හේතුවෙන් විශාල අර්බුදකාරි  තත්වයකට පත්ව ඇත.එයට හේතු වන්නේ කළු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් යන පුද්ගලයෙකු,පොලිස් අත්තඩංගුවෙදී සුදු ජාතික පොලිස් නිලධාරියකු වන ඩෙරෙක් චාවින් අතින් මිය යාමේ සිද්ධිය මුල් කොට ගෙනය.ව්‍යාජ බිල්පත් සිද්ධියකදි අත්තඩංගුවට පත්වන ජොර්ජ් මින්ත්තු නවයකට අසන්න වේලාවක් තුලදි පොලිස් නිලධාරි ඩෙරෙක්ගේ දණහිසෙන් ගෙල තද කිරිම හේතුවෙන් ස්වසන අපහසුතාවය නිසා මිය ගොස් ඇත.මිනිත්තු නවයක් වැනි කාලයකදි මෙම අවසනාවන්ත සිද්ධිය සිදුවීම විශේෂත්වයකි.අනතුරැව කරන ලද හදිස්සි මරණ පරික්ෂණ දෙකකදී ෆ්ලොයිඩ්ගේ මරණය මිනිමැරැමක් ලෙස තීරණය විය. https://www.youtube.com/watch?v=kiSm0Nuqomg


George FloydDerek chauvin

ෆ්ලොයිඩ්ගේ මරණය පොලිසිය විසින් අධික ලෙස බලය යෙදවීම,පොලිස් වගවිම නොමැතිකම හා පොලිස් වර්ගවාදයට ඒරෙහිව මිනියාපොලිස්-ශාන්න පවුළු අගනගරයෙන් ඇරඹි උද්ගෝෂණ හා විරෝධතා පසුව ඇමරිකා එක්සත් ජනපදය තුලත් පසුව ලොකයේ බොහෝ රටවල් වලටත් පැතිරගොස් ඇත. ඇමරිකා එක්සත් ජනපදය තුල ඇති වු ඇතැම් උද්ගෝෂණ හා විරෝධතා දැඩි ප්‍රචණ්ඩකාරි ස්වරැපයක් ගෙන ඇත. "Justice for George", "I Can't Breathe", and "Black Lives Matter" වැනි තේමා මුල් කරගෙන ඇති වු මෙම උද්ගෝෂණ හා විරෝධතා මැඩලිමට පොලිස් බලඇණී වලට අමතරව ඇමරිකානු යුද හමුදාවද යොදා ගැනිමට ඇමරිකා එක්සත් ජනපද රජයට සිදු විය. මෙම උද්ගෝෂණ හා විරෝධතා සදහා කළු ජාතිකයන්ට අමතරව සුදු ජාතික පුද්ගලයන්ද ඒකතු වීම වර්ගවාදයට ඒරෙහිව ඇති වු විශාල නැගී සිටිමක් ලෙස දැකිය  හැක.ලොකයටම මානව හිමිකම් ගැන පාඩම් ඉගෑන්වීමට යන ඇමරිකා එක්සත් ජනපදයට මෙම සිදුවිම දෛවයොගත,ලැජ්ජා සහගත සිදුවිමක් වී හමාරය.



2 comments:

Anonymous said...

good job bro

Anonymous said...

good..

කොකෙන් රජු

  කොකෙන් රජු නැතහොත් පැබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවීරියා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මත්ද්‍රව්‍ය නාශකවාදියෙකි. මෙඩෙලින් කාට...