Saturday, July 18, 2020

කොකෙන් රජු


 


කොකෙන් රජු නැතහොත් පැබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවීරියා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මත්ද්‍රව්‍ය නාශකවාදියෙකි. මෙඩෙලින් කාටෙල් හි ආරම්භකයා සහ එකම නායකයා වු පැබ්ලෝ ඉතිහාසයේ ධනවත්ම අපරාධකරුවා විය. ඔහු මිය යන විට ඇස්තමේන්තුගත ශුද්ධ වටිනාකම 2019 වසරට සාපෙක්ෂව  ඇමරිකානු ඩොලර් බිලියන 59ක් පමණ වේ.

1949 දෙසැම්බර් 1 වන දින කොලොම්බියාවේ රියානෙග්‍රෝ හි උපත ලැබු ඔහු දරුවන් හත්දෙනකුගෙන් යුත් පවුලක තුන්වැන්නා විය. පියා ගොවියකු වු අතර මව පාසල් ගුරුවරියකි. පැබ්ලෝ විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපනය ලැබූ නමුත් උපාධියක් ලබා නොගෙන පිටව ගියේය.ඉන් පසු ඔහු ඔහු් අපරාධ ජිවිතයට හුරැ විය. මුල් කාලයේ සුලු වීදි වංචා සිදු කිරීම, නීතිවිරෝධී සිගරට් විකිණීම, ව්‍යාජ ලොතරැයි ටිකට් පත් සහ මෝටර් රථ සොරකම් කිරීම වැනි අපරාධ පැබ්ලෝ අතින් සිදු විය මෙයට ඔස්කාර් බෙනෙල් ඇගුවර් නම් සගයෙකු ඔහු හට සහය දි තිබුණී.

1970 දශකයේ මුල් භාගයේදී, මත්ද්‍රව්‍ය වෙළඳාමට පිවිසීමට පෙර, එස්කෝබාර් සොරෙකු හා ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කර තිබු පැබ්ලෝ, මෙඩෙලින් වටා මෙහෙයුම් කළ ඇල්වාරෝ ප්‍රීටෝ නම් නීතිවිරෝධී ජාවාරම්කරුවෙකු වෙනුවෙන් පසුව වැඩ කිරීමට පටන් ගත්තේය.1975 සිට පැබ්ලෝ සිය කොකේන් ජවාරම දියුණු කිරීමට පටන් ගත් අතර, ප්‍රධාන වශයෙන් කොලොම්බියාව සහ පැනමාව අතර එක්සත් ජනපදයට ගුවන් යානා මගින් ජවාරම සිදු කරන ලදි.

1976 පැබ්ලෝ සහ ඔහුගේ මිනිසුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට කොකෙන්  රාත්තල් 39 ක් (කිලෝග්‍රෑම් 18) සන්තකයේ තිබී සොයා ගත් අතර මුලදී, පැබ්ලෝ ඔහුට එරෙහිව නඩුවක් පවරා ඇති විනිසුරුවන්ට අල්ලස් දීමට උත්සාහ කළ අතර එය අසාර්ථක විය. මාස ගණනක නීතිමය ගැටුම්වලින් පසු ඔහු අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනා ඝතනයට කිරීමට ඔහු සමත් වු අතර පසුව නඩුව ඉවත් කරන ලදී. මෙය පැබ්ලෝ අල්ලස් හා මිනීමැරුම් මගින් බලධාරීන් සමඟ ගනු දෙනු කිරීමේ රටාව ආරම්භ කිරිමයි.

කොකේන් සඳහා ඇති ඉල්ලුම වැඩි විම හෙතුවෙන් එක්සත් ජනපදය තුල පැබ්ලෝට තම ව්‍යාපාරය පුළුල් කිරිමට සිදු විය.ඒ සදහා ඔහු දකුණු ෆ්ලොරිඩා, කැලිෆෝනියා වැනි ප්‍රදේශ වල නැව් මාර්ග හා මහා මාර්ග සමග තම බෙදාහැරීමේ ජාලය සංවිධානය කළේය.මෙසේ ඔහු මෙඩ්ලින් කාටලය සදහා සාර්ථක මධ්‍යම ජාවාරම් මාර්ලයක් ගොඩනැගීය.මේ තුලින් ලැබු විශාල ලාභයෙන් පැබ්ලෝ කොලොම්බියාවේ ඇන්ටියොක්වියාවෙහි වර්ග සැතපුම් 7.7 (කි.මී. 20) ක ඉඩමක් ඩොලර් මිලියන කිහිපයකට මිල දී ගනි. මෙහි පැබ්ලෝ හසීන්ඩා නේපෝල්ස් ඉදි කළේය ඒය ඔහුගේ කොකෙන් ජාලයේ පාලනයට බලකොටුවක් විය. සත්වෝද්‍යානයක්, විලක්, මූර්ති උද්‍යානයක්, වැනි අති සුඛෝපභෝගී අංග මේ හසීන්ඩා නේපෝල්ස් තුල ඔහු ඉදි කර ඇත. ටොන් 70 ත් 80 ත් අතර කොකෙන් ප්‍රමාණයක් සෑම මසකම කොලොම්බියාවේ සිට එක්සත් ජනපදයට ප්‍රවාහනය කල අතර මේ සදහා නැව් ගුවන් යානා වලට අමතරව ඔහුගේ සහෝදරයා විශාල සබ්මැරීන දෙකක් භවිතා කල බව කියවේ.

1982 කොලොම්බියාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විකල්ප සාමාජිකයෙකු ලෙස පැබ්ලෝ තේරී පත් විය. ස්පාඤ්ඤයේ ෆෙලිපේ ගොන්සාලෙස් දිවුරුම් දීම සඳහා කොලොම්බියානු රජයේ නිල නියෝජිතයා වූයේ පැබ්ලෝ ය.

ඔහුගේ කොකෙන් ජාලය කුප්‍රකට වීමත් සමඟ පැබ්ලෝ ඉතා ඉක්මනින් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත්විය. එක්සත් ජනපදය, මෙක්සිකෝව, ඩොමිනිකන් ජනරජය, වෙනිසියුලාව සහ ස්පා ස්පාඤ්ඤයට ඇතුළු වු කොකෙන් වලින් විශාල කොටසක් මෙඩ්ලින් කාටෙල් විසින් පාලනය කරන ලදී. කොකෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ද වෙනස් කරන ලද අතර, බොලීවියාවේ සහ පේරු හි කොකෙන් වෙනුවට කොලොම්බියා කොකෙන්  ආදේශ කළ අතර එය අසල්වැසි රටවලින් පැමිණි කොකාට වඩා ප්‍රමිතියෙන් තොර බව පෙනෙන්නට තිබුණි. වැඩි වැඩියෙන් කොකේන් සඳහා ඇති ඉල්ලුම වැඩිවීමත් සමග, පැබ්ලෝ රොබර්ටෝ සූරෙස් ගෝමස් සමඟ වැඩ කිරීමට පටන් ගත් අතර, කොකෙන් ඇමරිකාවේ සහ යුරෝපයේ අනෙකුත් රටවලට ගෙනයාමට උපකාරී වීය. මෙඩෙලින් කාටෙල් එහි මෙහෙයුම් වල උච්චතම අවස්ථාවෙහිදී දිනකට ඇමරිකානු ඩොලර් මිලියන 70 කට වඩා අදායමක් ලැබීය එය වසරකට ඩොලර් බිලියන 26 ක් පමණ වේ. මෙම මුදල් ගබඩා කිරිමට  සතියකට ඇමරිකානු ඩොලර් 1,000 කට අධික මුදලකින් රබර් පටි මිල දී ගෙන මුදල් ඔතා, ඒවායින් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ගබඩාවල ගබඩා කර ඇත. වසරකට සියයට දහයක් (10%) මුදල් කපා හැරීමට සිදු විය මීයන්ගෙන් වු හානි සහ ඔවුන් මුදල් ඔවුන්ගේ ගබඩාවල ගබඩා කිරිම නිසයි.


1989 දී ෆෝබ්ස් සඟරාව ඇස්තමේන්තු කර ඇති පරිදි එස්කෝබාර් ලොව ප්‍රකෝටිපතියන් 227 දෙනාගෙන් එක් අයෙකු වන අතර පුද්ගලික ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3කි.එය එසේ වන විට මෙඩ්ලින් කාටෙලය ගෝලීය කොකෙන් වෙළදපළින් 80%ක් පාලනය කළේය.තවද  දකුණු ඇමරිකාවේ  කීර්තිමත් පාපන්දු තරඟාවලිය වන කෝපා ලිබර්ටඩෝර්ස් තරාගාවලිය දිනාගත් මෙඩෙලින්හි ඇට්ලැටිකෝ නැෂනල් කණ්ඩායමේ මුල්‍ය සැපයුම්කරැවා වුයේ පැබ්ලෝ බව පොදු මතයක්ද පවති.

මත්ජවාරම් කරැවෙකු වු පැබ්ලෝ හට එක්සත් ජනපදයේ සහ කොලොම්බියානු ආන්ඩු සතුරෙකු වුවත් මෙඩ්ලින්හි දුප්පතුන්ට ඔහු වීරයෙක් විය. ජීවිත කාලය පුරාම ක්‍රීඩා ලෝලියෙකු වූ පැබ්ලෝ පාපන්දු පිට්ටනි සහ ක්‍රීඩා පිටි ඉදි කිරීම මෙන්ම ළමා පාපන්දු කණ්ඩායම් සඳහා අනුග්‍රහය දැක්වීමේ ගෞරවය හිමි වු අතර බටහිර කොලොම්බියාවේ නිවාස හා පාපන්දු පිටි ඉදිකිරීම සඳහා ද පැබ්ලෝ දායක වු ය අතර එය දුප්පතුන් අතර ජනප්‍රියත්වයට හෙතුවක් බවට පත්විය. නිවාස ව්‍යාපෘති හා වෙනත් ප්‍රජා ක්‍රියාකාරකම් හරහා නිතර මුදල් බෙදා දුන් පැබ්ලෝ එමඟින් නිතර නිතර නගරවල වැසියන් අතර ජනප්‍රියත්වයක් ලබා ගත්තේය. ඔහුගේ මේ වැඩ පිළිවෙල නිසා මෙඩ්ලින්හි ඇතැමුන් බොහෝ විට පැබ්ලෝ පොලිස් අත්අඩංගුවට පත්විම වළක්වා ගැනීමට උදව් කළහ.

කොලොම්බියානු මත් කාටෙල්වරුන්ගේ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම කරන ලද අරගලයේ ප්‍රතිඵල ලෙස කොලොම්බියාව 1991 දී ප්‍රචණ්ඩකාරී මරණ 25,100 ක් සහ 1992 දී 27,100 ක් සමඟ ලොව මිනීමැරුම් අගනුවර බවට පත්විය.  පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ ත්‍යාගයක් ලෙස පැබ්ලෝ තම සහචරයින්ට මුදල් ලබා දීම නිසා මෙම වැඩිවන මිනීමැරුම් අනුපාතය වැඩි විය.එය පැබ්ලෝගේ කෘරත්වය ලොවට පෙන්වු අවස්ථා විය.

1991 දී ඔහු අත්තඩංගුවට පත් වුවත් තම පුද්ගලික බන්ධනාගාරයක වු ලා කැටෙඩ්රල් වෙත ඇතුල් විය එය අති සුඛොපභොගි බන්ධනාගාරයක් විය. සිරගෙදර සිටියදී පැබ්ලෝ අඛණ්ඩ සාපරාධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය තුළ පැතිරෙන්නට පටන් ගත් අතර, 1992 ජූලි 22 වන දින ඔහුව වඩාත් සාම්ප්‍රදායික බන්ධනාගාරයකට ගෙන යාමට උත්සාහ කිරීමට රජයට පෙලඹීමක් ඇති වුවත් එය අසාර්ථක විය පසුව පැබ්ලෝ  ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය ගත කළේ පොලිසිය මග හැරීමෙනි

ලා කැටෙඩ්රල් පැනගොස් මාස 16 කට පසු පැබ්ලෝ එස්කොබාර් 1993 දෙසැම්බර් 2 වන දින පොලිස් වෙඩි තැබීමකින් මිය ගියේය.ඒ වන විට ඔහුගේ සහචරයින් 300 කට අධික ප්‍රමාණයක් ඝාතනනය වු අතර පැබ්ලෝ එස්කොබාර්ගේ දේපල වලින් වැඩි ප්‍රමාණයක් විනාශ වි තිබුණි. පැබ්ලෝ මරණයෙන් පසුව සහ මෙඩෙලින් කාටෙල් ඛණ්ඩනය වීය. පැබ්ලෝ විසින් කරන ලද දුප්පතුන්ට උදව් කිරිම මෙඩෙලින්හි කල්පවත්නා බලපෑමක් ඇති කළේය. එහි සිටි බොහෝ දෙනෙක්, විශේෂයෙන් පැබ්ලෝ ජීවත්ව සිටියදී ඔහු ආධාර කළ නගරයේ දුප්පතුන් බොහෝ දෙනෙක් ඔහුගේ මරණය ගැන වැලපුණහ. ඔහුගේ අවමංගල්‍යයට 25,000 කට අධික පිරිසක් සහභාගී වූ අතර. ඔවුන්ගෙන් සමහරෙක් ඔහුව සාන්තුවරයෙකු ලෙස සලකන අතර දිව්‍ය සැප ලබා ගැනීම සඳහා ඔහුට ප්‍රර්ථනා කළහ.

 


Wednesday, July 8, 2020

නැව් සොාහාන් බිම්



භාවිතයෙන් ඉවත් කරන ලද නැව් සඳහා ලොකයේ කුමන ආකාරයේ දෙයක් සිදු කරනවාද යන්න ඔබ කවරදාකවත් සිතා තියනවාද?




ලොකයේ භාවිතයෙන් ඉවත් කරන ලද නැව් සඳහා වෙනම ක්‍රියාවලියක් සිදු වෙමින් පවති.එය Ship-breaking නැතිනම් ship demolition ලෙස හදුන්වයි.මෙය නැව් ප්‍රතිචක්‍රීකරණය කිරිමක් වේ.මුලික වශයෙන් මෙහි සිදුවන්නේ භාවිතයෙන් ඉවත් කරන ලද නැවක් කොටස් වලට වෙන් කිරිමක් වේ.සාමාන්‍යයෙන් නැවක විඛාදනයට පෙර ආයු කාලය වසර 25ක් 30ක් අතර වේ.නැවක කොටස් ගලවා වෙන් කර එ්වා ප්‍රතිචක්‍රීකරණය කිරිමෙන් හා නැවත ලෝහ ලෙස භාවිතා කිරිමෙන් යපස් සදහා ඇති ඉල්ලුම අඩු කරන අතරම වානේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍යය විශාල බලශක්ති ඉල්ලුම අඩුකරයි.ලොකයේ ඇති කර්මාන්ත අතුරින් භායානකම කාර්මාන්ත වලින් එකක් වන්නේ Ship-breaking වේ.මේ සඳහා මිනිස් ශ්‍රමය බහුලව යෙදා ගන්නා මෙයින් සිදුවන පාරිසරික හානිය සුළු පටු නොවේ.

‌ලොකයේ විශාලතම නැව් සොාහාන් බිම්. (Ship-breaking yard)

1.ඉන්දියාවේ ඇලන්ග්

2.බංග්ලාදේශයේ චිතගොං

3.පාකිස්ථානයේ ගඩානි

4.චීනය



දැවමය නිමාවක් සහිතව නිපද වු  නැව් හුදෙක් ගිනි තබා හෝ නැව් කඩා ඉවත් කර දැව නැවත භාවිතා කරන ලදී. ලෝහ නිමාවක් සහිත නැව් පැමිණීමත් සමඟ එය ඒසේ සිදු කිරිම අපහසු විය. මේ හේතුව නිසා  Ship-breaking yard විවිධ රටවල් වල ඇති විය මේ තුලින් රටතුල සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ජනිත විය.ඉහත කි රටවල් වල Ship-breaking yard තුල 225000 ක පමණ කම්කරැවන් පිරිසක් සේවය කරයි.


20 වන ශතවර්ෂයේ අග භාගය වන තෙක් නැව් බිඳීමේ ක්‍රියාකාරකම් බහුතරයක් සිදු වූයේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි කාර්මික රටවල වරාය නගරවල ය. අඩු ශ්‍රම පිරිවැය සහිත නැගෙනහිර ආසියානු රටවල් 20 වන ශතවර්ෂයේ අග භාගයේ සිට කර්මාන්තයට යොමු වුවත් ශ්‍රම පිරිවැය ඉහල යාම හේතුවෙන් ජපානය, හොංකොං වැනි රටවලින්, කොරියාව සහ තායිවානය සහ පසුව චීනය ඉන්දියාව බංග්ලාදේශය පාකිස්ථානය වැනි රටවල් කාර්මාන්තයට යොමු විය

ටොන් 40,000 ක් පමණ වන සාමාන්‍ය ප්‍රමාණයේ භාණ්ඩ නෞකාවක් බිඳ දැමීමට කම්කරුවන් 50 දෙනෙකුට මාස තුනක් පමණ ගත වේ. විකුණනු ලබන ඉන්ධන සහ ගිනි නිවීමේ ද්‍රව බැහැර කිරීමෙන් පසු නැවත භාවිතා කළ හැකි ඕනෑම භාණ්ඩයක් -විදුලි රැහැන්, ගෘහ භාණ්ඩ සහ යන්ත්‍ර සූත්‍ර දේශීය වෙළඳපලවලට හෝ වෙළඳාම් කිරිමට යවනු ලැබේ. වානේ කුහරය කැපීම සඳහා ස්ලෙජ්හැමර්ස් සහ ඔක්සි-ඇසිටිලීන් ගෑස් පන්දම් භාවිතා කරයි. වෙන් කරනු ලැබු උසස් තත්ත්වයේ වානේ තහඩු රත් කර නැවත ඉදිකිරීම සඳහා ශක්තිමත් කිරීමේ තීරුව ලෙස නැවත  භාවිතා කරයි.

මෙම කාර්මාන්තයේ සිටින සේවකයන් සුළු වැටුපකට සේවය කරන අතරම ඔවුන් තම ජිවිතයද රැකියාවට පුද දී ඇත.මන්ද මෙම කාර්මාන්තයේ සිටිනන සේවකයන් හට

            1.      පිපිරීම් හා ගින්නෙන් පිලිස්සුම් තුවාල

2.      හුස්ම හිරවීම

3.      ලොහ ශරිරයට වැටිම නිසා ඇති වන අවයව අහිමි විම්

4.       පිළිකා

5.      විෂ වලින් ඇති වන රෝග    


ඇති වේ.තවද කාර්මාන්තය තුල අවම කම්කරැ නීතිවත් ක්‍රියාත්මක විමක් දැක ගැනිමට නොහැකි වේ.විශේෂයෙන් අවුරැදු 15 ට අඩු අය පවා වානේ කැපිමට දායක විම කම්කරැ නිතී අමු අමු අමුවේ උල්ලංගනය කිරිමක් වේ. මේ හේතු නිසාම, රාජ්‍ය නොවන සංවිධාන, ගෝලීය කම්කරු හා මානව හිමිකම් පිළිබඳ ආයතනය සහ ටොක්සික් වොච් එලායන්ස් වැනි සංවිධාන වර්තමානය වන විට කර්මාන්තයේ දියුණුව සඳහා බලපෑම් කරමින් සිටී.

 

මේ වන විට නැව් බිඳීම අංගනයේ කම්කරුවන්ගේ සෞඛ්‍යයෙන් ඔබ්බට ගිය පාරිසරික අවධානයට ලක් වූ කාරණයක් බවට පත්ව ඇත.මන්ද සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක වන්නේ සැහැල්ලු හෝ පාරිසරික නීතියක් නොමැති වීම නිසා එම රටවල පැරිසරයට විශාල බලපෑමක් ඇති වී තිබේ.

ඉන්දියානු උප මහද්වීපයේ, පාරිසරික වශයෙන් වැදගත් කඩොලාන වනාන්තර, නිවර්තන කුණාටු සහ මෝසම් වලින් ආරක්ෂා වීමට වටිනා ප්‍රභවයක් වන අතර, ජල යාත්‍රා විසුරුවා හැරීමට ඉඩකඩ සැලසීම සඳහා කපා දමා ඇත. උදාහරණයක් ලෙස බංග්ලාදේශයේ කඩොලාන නීති විරෝධී ලෙස කපා දමා ඇත. රටේ මුහුදු වෙරළ දැන් මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානමට ලක්ව ඇති බව සොයාගෙන තිබේ. ඊයම්, අපිරිසිදු තීන්තවල ට්‍රිබියුටිල්ටින්, බහු අවයවික කාබනික සංයෝග, බහු අවයවික ඇරෝමැටික හයිඩ්‍රොකාබන්, ඩයොක්සින් සහ ෆුරන් වැනි දහනය කිරීමේ අතුරු නිෂ්පාදන නැව්වල දක්නට ලැබෙන අතර පරිසරයට විශාල බලපෑමක් වී තිබේ.

ඉන්දියාව බංග්ලාදේශය පකිස්තාවය වැනි රටවල දුෂිත නිලධාරින් හා නියමාකාර නිති නොමති වීම නිසා සේවකයන්ට හා පරිසරයට වන හානි පාලනය කල නොහැකි වී තිබේ.

 


 


 


Thursday, June 25, 2020

ලොව දිනු ව්‍යාපාර



 චීනයේ හුවාවි සමාගම

1987 දී චීන හමුදා නිලධාරි‌යෙකු වුු රෙන් ෂෙන්ග්ෆෙයි විසින් HUAWEI සමාගම අරම්භ කර ඇත.APPLE හා SAMSUNG යන ස්මාර්ට් දුරකථන වලට ඇති ප්‍රධාන තරගකරැ Huawei   සමාගමේ Huawei ස්මාර්ට් දුරකථන වන බව එදා ඔවුන් නොසිතන්නට ඇත.Huawei Technologies නමින් ආරම්භ වු මෙම ව්‍යාපාරය මුල්කාලයේ දුරකථන හා කෙබල් ජාල ව්‍යාපාර සදහා නියොජිතයෙකු ලෙස සම්බන්ධ වී තිබේ.

Founder & CEO of Huawei Technologies Co., Lt
රෙන් ෂෙන්ග්ෆෙයි

   
චීනය විසින් විදුලි සංදේශ තාක්ෂණයන් විදේශයන්ගෙන් ආනයනය කරන ලද සමයක රෙන් ෂෙන්ග්ෆෙයි දේශිය පර්යේෂකයන් හා ඉංජිනේරැවන් සමග විදේශීය තාක්ෂණය සමග තරග කල හැකි දේශිය සමාගමක් ගොඩ නැගිය.1990 වන විට ඒහි  600ක් වු සේවක පිරිසක් සමග දේශිය හොටල් හා කුඩා ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් Huawei තම සේවාවන් සැපයිමට කටයුතු කලහ.1993දී C හා C08 නම් වැඩසටන් පාලක දුරකථන ස්වීචයක් දියත් කිරිම මගින් සමාගමේ වේගවත් වර්ධනය අරඹභ කරන ලදී.

1996 දී චීන රජය විසින් දේශීය විදුලි සංදේශ නිෂ්පාදකයින්ට සහාය දිම අරමුණ කරගෙන, විදේශිය සමාගම් වලට චීනය තුල ව්‍යාපාර කටයුතු කිරිමට ප්‍රවෙශ වීමේ සීමා පිළිබදව පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමට තිරණය කිරිම, Huawei සමාගමේ දියුණුවට විශාල බලපෑමක් විය.1997 දී හොංකොං සමාගමක් වන හචිසන් සමාගම වෙතින් ස්ථාවර දුරකථන ජාල සැපයිම සදහා කොන්ත්‍රාත්තුවක් දිනා ගැනිමත්, එම වසර අවසාන වන විට CDMA දුරකථන නිෂ්පාදනය හා පුළුල් පරාසයක ටෙලිකොම් මෘදුකාංග සංවර්ධනය කිරිමත්, 2006 දී 3COM නම් සමාගමේ ව්‍යාපාර කොටස මිලදි ගැනිමත් සමග ව්‍යාපාරයේ පුලුල් වීම සිදු විය.පසුව ලොකයේ විවිධ රටවල් හා සමාගම් සමග ව්‍යාපාර කටයුතු කර 2019 වසර අවසන් වන විට ස්මාර්ට් ජංගම දුරකථන නිපදවා අලෙවි කරන සමාගම් අතුරින් 5 වන ස්ථානය හිමි කර ගෙන සිටී.

2008 වන විට ජංගම දුරකථන මිලියන 200 ක් අලෙවි කරමින් Huawei සමාගම තම ආදායම 39% ඉහල නංවා ඇමරිකානු ඩොලර් බිිිිිිලියන 12ක ආදායමක් උපයා ඇත.වර්තමානයේ ශ්‍රී ලංකාව තුල අලෙවිි වන ජංගම දුරකථන අතර 2020 මැයි මස අවසාන වන විට  වෙළදපල කොටසින් 23.62% ක ප්‍රමාණයක් Huawei ස්මාර්ට් දුරකථන වේ.ලොක වෙළදපල තුල 2020 මැයි මස අවසාන වන විට  වෙළදපල කොටසින් 38% ක ප්‍රමාණයක් Huawei ස්මාර්ට් දුරකථන අලෙවි වි ඇත.වර්තමානය වන විට 194000 ක පමණ සේවක පිරිසක් සමග ලොකයේ රටවල් 170ක් සමග Huawei සමාගම තම ව්‍යාපාර කටයුතු කරනු ලබයි.කොවිඩ් 19 වෛරසය නිසා ලොකයේම අවධානය දිනාගත් චීනය තාක්ෂණය ඔස්සේ ලොවතුල කැපි පෙනිමට Huawei   සමාගම නිහඩව තම කාර්ය ඉටු කරනු ලබයි.


Thursday, June 18, 2020

නාසා ආයතනය


"මානව වර්ගයාගේ ප්‍රයෝජනය සහා දැනුම සොයා ගැනිම හා පුළුල් කිරිම" යන්න දැක්ම කරගෙන 1958 ජුලි 29 වනදා ඇමරිකා එක්සත් ජනපදය ආරම්භ ලද ආයතනයකි නාසා ආයතනය.නාසා ආයතනය ඇමරිකා එක්සත් ජනපද අණ්ඩුවේ ජාතික පොදු අභ්‍යවකාශ වැඩසටහන් සහා වගකිව යුතු ආයතනයයි.

NASA යන්නෙහි දිර්ඝ නාමය National Aeronautics and Space Administration යන්නයි. මෙහි ,

N – National

A – Aeronautics

S – Space

A – Administration

 

යන්නෙහි මුල් අකුර ගෙන NASA යන කෙටි නාමය භාවිතා කරනු ලබයි.

 

එක්සත් ජනපද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන අභ්‍යවකාශ පිළිබ ගවේෂණ වලට සහය දීම,සහ ඔවුන්ගේ සන්නිවේදන කටයුතු සම්බන්දයෙන් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වලට සහය දීම මුලික කාර්යභාර්ය කරගත් නසා ආයතනයෙහි පාලනය සම්බන්ධයෙන් සෘජුව සම්බන්ධ වන්නේ එක්සත් ජනපද ජනපතිවරයා වන අතර, ඔහු සියලුම අභ්‍යවකාශ ව්‍යාපෘති වලට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන හා උපකරණ ලබා දෙනු ලබයි.

 

  • Ø  ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද කාර්යාලය
  • Ø  ජීව විද්‍යාව හා ඒ පිළිබද අධ්‍යයන කටයුතු පිළිබද කාර්යාලය
  • Ø  පෘතුවි කටයුතු සොයා බැලිමේ කාර්යාලය
  • Ø     අභ්‍යවකාශ විද්‍යාව පිළිබද කාර්යාලය
  • Ø  අභ්‍යවකාශ යානා පිළිබද කාර්යාලය
  • Ø  ජොන් එෆ් කෙනඩි මධ්‍යස්ථානය
  • Ø  ගොඩාර්ඩ් මධ්‍යස්ථානය
  • Ø  හුස්ටන්හි ලින්ඩන් බී ජොන්සන් මධ්‍යස්ථානය
  • Ø  ජොර්ජ් ඩී මාෂල් මධ්‍යස්ථානය

යනු නාසා ආයතනයට අයත් විවිධ අංශ වේ.

 

සොවියට් දේශය හා ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති අභ්‍යවකාශ තරගය නිසා නාසා ශි උපත සිදු වී තිබේ.මුල් කාලයේ රාජ්‍ය අනුගහය නොලැබුනත් ජොන් එෆ් කෙනඩි ජනපතිවරයා හා ඔහුට පසු ජනපතිධුරයට පත් වු සියල්ලන්ම මෙම ආයතනයට මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලදි.එමගින් නසා හි කටයුතු දියුණු කරනු ලැබිය.මෙවැනි ආයතන විශාල සංඛ්‍යාවක් ලෝකය තුල පිහිටා තිබුනත් ජනමාධ්‍ය තුල වැඩි වශයෙන් ප්‍රචාරය වන්නේ නාසා හි නාමයයි.එ්යට හේතුව වන්නේ අභ්‍යවකාශ පිළිබද මිනිසා දැන සිටින තොරතුරැ වලින් වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත්තේ නාසා ආයතනය විමයි.වර්තමානය වන විට 18000 කට ආසන්න සේවක පිරසක් නාසා හි සේවය කරන අතර වොෂින්ටන් හි ඒහි මුලස්ථානය පිහිටා ඇත.                        

 

 



 https://www.youtube.com/results?search_query=nasa+intro

 






Monday, June 15, 2020

සිලොන් ටී

සිලොන් ටී

ශත වර්ෂයකට අධික කාලයක් පුරාවට ලංකාවේ නාමය ලොකය පුරාවට ප්‍රසිද්ධ වුයේ "තේ" නිසාය.තේ නම් "සිලොන් ටී" යන්න ලෝකයේ ජනප්‍රිය වීඇත.ඒයට බලපෑ ප්‍රධාන හෙතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ තේ වල පවතින ඉහල ගුණාත්මකභාවය හා තත්වයෙන් උසස් බවයි.


James Taylor

1852 දී ලංකාවට පදිංචියට පැමිණි ජේම්ස් ටේලර් මහතා 1867 දී මහනුවර ගලහා ප්‍රදේශයේ ලුල්කදුර වතුයායේ  අක්කර 21 පමණ ප්‍රදේශයක තේ වගාව ආරම්භ කරන ලදී.එකල ලංකාව තුල කෝපි වගාව ප්‍රචලිත වී තිබුණත්, ටේලර් මහතා තේ වගාව අරම්භ කරන කාලය වන විට කෝපි වගාවේ අභාවය ආරම්භව පැවතිම තේ වගාව කෙරෙහි සුභදායක තත්වයක් ඇති කරන ලදී. 1872 දී අංගසම්පූර්ණ තේ කර්මාන්ත ශාලාවක් ලුල්කදුර වතුයායේ ආරම්භ කිරිමෙන් පසු පළමු අපනයනය රාත්තල් 23 ක් වීය.  කෝපි වල සිඝ අභාවයත් තේ වල ජනප්‍රියතාව හෙතුවෙන් තේ වගා කල අක්කර ප්‍රමාණය වැඩි වී,තේ නිෂ්පාදනය හා අපනයනය ටොන් 20,000 ක් ඉක්මවීය.



Charles Henry de Soysa
Charles Henry de Soysa

මුල්ම ශ්‍රී ලංකික තේ වැවිලිකරැවා වුයේ චාල්ස් හෙන්රි සොයිසා මහතාය.හෙන්රි රැන්ඩොල්ෆ් ට්රැෆර්ඩ් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවට පැමිණ තේ කර්මාන්තයට යොමු විමත්, ඔහු සතු දැනුමත් තේ සදහා ඇති වු අධික ඉල්ලුමත් නිසා කෝපි වෙනුවෙන් තිබු කර්මාන්තශාලා සියල්ලම තේ නිෂ්පාදනයට උචිත පරිදි වෙනස් කෙරෙනි.ඒංගලන්නයෙන් නවීන යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන්වා  නවීන දැනුම තේ නිෂ්පාදනය කෙරෙහි යොමුු කිරිමෙන්
 නිෂ්පාදනය කාර්යක්ෂමව සිදු කිරිමට රැකුලක් විය. ඒංගලන්නයෙ ලින්කන්ෂයර්හි මාෂල් සන්ස් ඇන්ඩ් කම්පැනි, බර්ම්න්හැම්හි ටැන්ගයිස් මැෂින් සමාගම සහ බෙල්ෆාස්ට් හි ඩේවිඩ්සන් ඇන්ඩ් කම්පැනි තේ කර්මාන්ත ශාලා වලට උපකරණ සැපයු අතර වර්මානය දක්වාද ඔය සිදු කරනු ලබයි. 
ලංකාවේ තේ ව්‍යාප්තිය

තේ වගාවේ ව්‍යාප්තිය අනුව කලාප හතරකට බෙදා දැක්විය හැක. 

        මධ්‍යම 

        ඌව

        දකුණ

        සබරගමුව 

එම කලාප වේ.මෙම කලාප අනුවද තේ වල රස ගුණාත්මක බව එකිනෙකට වෙනස් වේ.ප්‍රදාන වශයෙන් ශ්‍රී ලංකාවේ තේ වර්ග තුනකි.

  •     Ceylon Black Tea
  •     Ceylon Green Tea
  •     Ceylon Silver Tea

  මෙවාගෙද රස ගුණාත්මක බව එකිනෙකට වෙනස් වේ.

ක්‍රමයෙන් දියුණු වු තේ කර්මාන්තයේ සමස්ථ නිෂ්පාදනය 2019 අවසන් වන විට  මෙට්‍රක් ටොන් 300000 ඉක්මවා ඇත.2019 වර්ෂය අවසන් වන විට ලොකයේ තේ  අපනයනය කරන රටවල් අතර ලංකාවට තුන්වන තැන හිමු වු අතර එය වටිනාකමින් ඇමරිකානු ඩොලර්  මිලියන 721.3 කි.ලංකාවේ තේ මිලදි ගන්නා රටවල් අතර ඉරාකය,තුර්කිය,රැසියාව හා ඉරානය පෙරමුණ  ගෙන සිටි.ලංකාවේ තේ අපනයනය කරන පුධාන සමාගම් කිහිපයක්ම පැවතියත් Akbar Tea හා George Steuart Group ප්‍රධාන තැනක් ගෙන තිබේ.

 උසස් තත්ත්වයේ නිෂ්පාදන හා සේවාවන් සැපයීම, නව රැකියා සොයා ගැනීම සහ මෙරට සංවර්ධනය කිරීමට ස්වාධීනව උපකාර කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන Royal Tea Lea Marketing & Sadala Tours Sri Lanka, ලංකාව තුල හා ජාත්‍යන්තර වෙළද පල තුල තම ව්‍යාපාර කටයුතු ආරම්භ කෙරෙනි.

Search Results

Friday, June 12, 2020

කන්ද උඩරට මහනුවර නගරය...




ශ්‍රී ලංකාවේ අවසාන රාජධානිය‚නැතහොත් රජවරුන්ගේ අවසන් රජධානිය නමින්ද හැදින්විය හැක.මනරම් කදුවැටියකින් වට වී ඇති මහනුවර නගරය‚පුජනීය නගරයකි‚ මන්ද ‌‌බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන ශ්‍රි දළඳා මාලිගාව මහනුවර නගරයේ පිහිටා තිබිමයි.ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් මහනුවර නගරය ශ්‍රි ලංකාවේ නිල නොලත් අගනගරය ලෙසද හැදින්විය හැක.

https://www.youtube.com/watch?v=x28BHkThvP4

පළමුවන විමලධර්මමසුරිය ලෙස හැදින්වු කොනප්පු බණ්ඩාර බුද්ධාගම වැලදගෙන දන්ත ධාතුන් වහන්සේ දෙල්ගමුවෙන් මහනුවරට වැඩම්මවා තම බලය තහවුරැ කර බලය සදහා වු නොසන්සුන්කාරී කාලසීමාව අවසන් කර රාජ්‍යත්වය තහවුරැ කර ගන්නා ලදී.අනතුරැව පෘතුඝිසීන් හා ලන්දෙසින් උඩරට රාජධානිය යටත් කර ගැනිමට උත්සහ කලත් ඒම උත්සහයන් සියල්ල ව්‍යාර්ථ විය.නමුත් 1818 ඉංග්‍රීසින් සමග ඇත් කරගත් ගිවිසුම සමග උඩරට රාජධානියත් සමස්ථ රටත් ඉංග්‍රීසින්ගෙගේ යටත් විජිතයක් බවට පත් වුනි.ඉංග්‍රීසින්ගෙ පාලන සමය තුල මහනුවර නගරය ඉතා වේගයෙන් වෙනස් වීමකට ලක්විය.

මහනුවර නගරය දිවයිනේ දෙවන විශාලතම නගරය වන අතර මධ්‍යම පළාතේ අගනුවර වේ. එහි භූගෝලීය පිහිටීම දිවයිනේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.මන්ද මහනුවර සිට දිවයිනේ සෑම දිශාවකටම ගමන් කිරිමේ හැකියාව පැවතිමයි.හන්තාන හා නකල්ස් රක්ෂිතයෙන් වට වී ඇති මහනුවර නගරය මුහුදු මට්ටමේ සිට අඩි 1600ක් වැනි උසකින් පිහිටා ඇත.මහනුවර නගරය කදුවැටියකින් හා රක්ෂිත වනගහනයකින් වට වී ඇති බැවින් නගරයට සුන්දරත්වයක් මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශ වලට සාපේක්ෂව තෙත් හා සිසිල් උෂ්ණත්වයක් පැවතිමව විිිිශේෂත්වයකි.



Wednesday, June 10, 2020

ලොව දිනු ව්‍යාපාර කෙටියෙන්


 


දකුණු කොරියානු-සැම්සුන් සමාගම.

සැම්සුන් කි සැනින් අප මනසට නැගෙන්නේ ජංගම දුරකථනයි.1938 දී දකුණු කොරියාවේදි,  ලී බියුන්ග්-චුල් විසින් වෙළද සමාගමක් ලෙස සැම්සුන් සමාගම ආරම්භ කරන ලදි.

                                                        Lee Byung-chul, founder of Samsung

සැම්සුන්  සමාගමේ මුල් දශක තුන තුල, ආහාර සැකසුම්, රෙදිපිළි, රක්ෂණ, සුරකුම්පත් හා සිල්ලර වෙළදාම ඇතුළු විවිධ අංශ වල තම ව්‍යාපාර කටයුතු සිදු කරන ලදී.නමුත් 1960 දශකයේ අගභාගයේ ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයටද 1970 දශකයේ මැද භාග‌යේදි ඉදිකිරිම් හා නැව් තැනිමේ කර්මාන්ත සදහා තම ව්‍යාපාර පුළුල් කරන ලදී.1987 දී සමාගමේ මුලාරම්භයා ලීගේ මරණයත් සමගම සැම්සුන් සමාගම ප්‍රධාන ව්‍යාපාරික කණ්ඩායම් 4කට වෙන් කරන ලදී.සැම්සුන් සමුහය, ෂින්සෙගා සමුහය,  සීජේ සමුහය සහ හැන්සොල් සමුහය ඒම කණ්ඩායම් වේ.1990 පසු සැම්සුන් සමාගම ඉලෙක්ට්‍රොනික් උපකරණ සදහා විශේෂිකරණය වු අතර වර්තමානය වන විට ජංගම දුරකථන එහි වැදගත් ආදායම් මාර්ගයයි. වෛද්‍ය තාක්ෂණය,ස්මාර්ට් ටීවී නිවාස ස්වයංක්‍රීයකරණය කෘතිම බුද්ධිය යන අංශයන්හි තම ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇත.
https://www.samsung.com/us/aboutsamsung/company/executives/ceo/

https://www.samsung.com/in/

කොකෙන් රජු

  කොකෙන් රජු නැතහොත් පැබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවීරියා කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ මත්ද්‍රව්‍ය නාශකවාදියෙකි. මෙඩෙලින් කාට...